උඩරට කලා සංගමය දැනට පිහිටි ස්ථානය බ්‍රිතාන්‍ය පාලන සමයෙහි 1876 වන
විට යුධ හමුදා රෝහලක් ලෙස පැවතුනි. ඊටත් පෙරාතුව එය සිංහල රාජකීයනට සෙවන දුන්
සුන්දර නුවර වැව ඉස්මත්තෙහි පිහිටි නිවාසයක් වූ නමුත් රෝහලක් බවට පත් කිරීම සදහා
බ්‍රිතන්‍ය පාලකයින් විසින් එය යම් යම් වෙනස්කම් වලට භාජනය කරනු ලැබීණ. වසර 175
කට වඩා පැරණි වුවද තවමත් එය එහි වූ පැරණි ගති ලක්ෂණ ද රැකගණිමින් වැවට මුහණ ලා
පිහිටි කදු ගැටය මත නැගී සිටී. උඩරට කලා කර්මාන්තවල
උන්නතියද එම කර්මාන්තවල යෙදී සිටින්ගේ සුබ සාධනය පිළිබදවද එකළ මධ්‍යම පළාතේ
දිසාපතිව සිටි ශ්‍රීමත් ජෝන් ෆෙඩ්‍රික් ඩික්සන් මහතාගේ සිත තුල හටගත් අදහසක ප්‍රතිඵලයක්
ලෙස 1882 වර්ෂයේදී මෙම උඩරට කලා සංගමය බිහිවිය. ඔහුට පසු පැමිණි දිසාපතිවරැන්ගේ ද
විසල් දායකත්වය නිසාම එවකට කුඩා ස්ථානයක පිහිටි උඩරට කලා සංගමය දැනට පවතින
ගොඩනැගිල්ල වෙත පිවිසිම 1924 දී උදාවිය.
ම්‍වෙනවිට මෙය ප්‍රදර්ශන හා වෙළද ශාලාවක් කලාකෘතීන් නිපදවන අයුරු දැක
බලාගත හැකි කුඩා පරිමාණයේ වැඩපොලකින් ද සමන්විතය. ශ්‍රී දළදා මාළිගාවෙහි
ප්‍රධාන පිවිසුම දෙසින් පැමිණෙන ඹබට ශ්‍රී
දළදා මාළිගාව හා උල්පැන්ගේ අතරින් ඉදිරියට පැමිණ නුවර වැවට යාබද මාර්ගයේ දකුණට
හැරී යා යුත්තේ මද දුරක් පමණි. නුවර වැව මැද පිහිටි අලංකාර දූපත දෙසට මුහුණලා
පාරෙහි වම් පස පිහිටි කුඩා කදු ගැටයට නැගෙන පඩිපෙල මතින් මහනුවර සගරාජ මාවතේ අංක
72 හි පිහිටි උඩරට කලා සංගමය ඔබට දිස්වනු ඇත.
පඩිපෙල මුදුනෙහි වූ ඉපැරණි සදකඩ පහණ පසුකර දිවෙන මාර්ගය ඔබව ගෙන යනු ඇත්තේ සාම්‍ප්‍රදායික උඩරට කලාකෘති රැසක් ප්‍රදර්ශනය හා වෙළදාම සදහා
තබා ඇති කුටි දෙකක් හා රාක්ක ගණනාවක් වෙතය. එහි ඇති භාන්ඩ අතුරින් සියුම්
කැටයමින් යුත් විශිෂ්ඨ රිදී නිමවුම්‍ද, දැකුම්‍කලු පිත්තල භාන්ඩද, දුෂ්කර කැටයමින්
හෙබි දැවකම්‍ද අලංකාර මෝස්තර යෙදූ දුම්‍බර පැදුරැද සියුම් ලෙස නිමකළ ලාක්ෂා භාන්ඩද තවත් විවිධාකාර
වූ ඉපැරණි කලා භාන්ඩ දැකීමට සහ මිලට ගැනීමට ඔබට හැකිවනු ඇත.
රිදී භාන්ඩ
|
රිදී පෙරහැර ඇතුන් |
|
රිදී බන්දේසිය |
|
රිදී ආභරන පෙට්‍ටිය |
රිදියෙන් තනා ඇති ආභරණ ඉතා සියුම් ලෙස හා දැකුම්කළු ලෙස වැඩ දමා
ඇත්තේ උඩරටටම අනන්‍යවූ ශෛලීන් සහ මෝස්තර වලට අනුවය. දේශීය හා විදේශීය දෙපිරිස අතරම
එකසේ ජනප්‍රිය භාන්ඩයක් වූ රිදී ආභරණ අතර මිල අධික නොවන මැණික් ගල් ඔබ්‍බවා තැනූ
මාල සහ අරුංගල්ද හවඩිද ෆිලි ග්‍රී කැටයම් යෙදූ
වළලුද ප්‍රදර්ශනාගාරය අලංකාරවත් කරන අතරම පැමිණෙන්නන්ගේ නෙත් සිත් පැහැර
ගනී. ආභරණ හැරෙන්නට රිදියෙන් තැනූ බන්දේසි, තෑගි භාන්ඩ විශේෂයෙන්ම පෙරහැර ඇතාගේ
ආකෘතිය ද දකින්නන් අතර විශාල ආකර්ෂණයක් ව පවතී.
පිත්තල හා මිශ්‍ර ලෝහ නිමවුම්
පිත්තල ද පිත්තල සමග රිදී තඹ වැනි වෙනත් ලෝහ මිශ්‍ර කරමින් ද තනා
ගන්නා විවිධ භාන්ඩ අති විශාල සංඛ්‍යාවක් මෙම කලාවෙහිදී නිමවුම් කෙරේ. පිත්තල හෝ තඹ
වලින් නිමවා රිදී ආලේප කිරීම හෝ ඔක්සීකරණය කිරීම මෙහිදී සිදු කෙරේ. සියුම් කැටයම් යොදා විවිධ හැඩ වලට තැනූ බන්ද්සිද,
කන්නාඩිරාමුද, වත්සුනු පෙට්‍ටි හා ආභරණ පෙට්‍ටිද ලාම්පු රදවනයන් හා ලාම්පු ආවරණද
බිත්ති රැදවුම් හා මල් කලස් ද ඇත. ඇත් අස්
වැනි සත්ව රූපද පාත්‍රා ද මෙ කර්මාතයේ දී නිපදවෙන තවත් භාන්ඩ වර්ගයන්ය. මෙහිදී යොදාගන්නා නොයෙකුත් පැරණි
කැටයම් නිසා ඔප දැමීමෙන් පසු මෙම භාන්ඩ ඉමහත් අලංකාරයක් දක්වයි.
|
පිත්තල බිත්ති සැරසිල්ල |
|
පිත්තල බන්දේසිය |
ලී කැටයම්
අලංකාර ලෙස කැටයම් කල දැවයෙන් තැනූ භාන්ඩ අතර බුදු පිළිම අලි ඇතුන්
වෙනත් සත්ව රෑප බිත්ති සැරසිලි සහ බන්දේසි ආදිය දැක්විය හැක. එමෙන්ම නොයෙක්
ආකාරයේ සුන්දර නාරි රූප විශේෂ තැනක් ගන්නා ලී භාන්ඩයකි. ඇම්බැක්ක දේවාලයේ දක්නට
ලැබෙන කැටයම් වැනි පැරණි ප්‍රසිද්ධ ලී කැටයම් වල ප්‍රති නිර්මානයන් ද මෙහි ඇත. ම්‍වො
නිම කර ඇත්තේ මැහොගනි, සදුන් වැනි වටිනා දැව යොදා ගනිමිණි. ලී වෙස් මුහුණුද වැඩිම
ආකර්ෂණයක් හිමිකරගත් භාන්ඩය. පොල් ලීයෙන් තැනූ මුලුතැන්ගෙයි වැඩට ගන්නා හුරැ
බුහුටි කුඩා වංගෙඩිය හා මෝල්ගස ගෘහණියන් අතර ඉතාම ජනපියව පවතින්නකි.
|
කුඩා පොල් ලී වංගෙඩි |
|
ලී බිත්ති සැරසිල්ලක් |
ලාක්ෂා භාන්ඩ
මෙලොව අන් කිසිදු තැනකදී හමු නොවන උඩරටදි පමණක්ම දැකගතහැකි හස්ත
කර්මාන්තයකි. බොහෝ දුරට ලී භාන්ඩ අලංකරණය
සදහා යොදාගනී. මෙහිදී භවිතා කෙරෙන ප්‍රධාන වර්ණ කිහිපයකි. එනම් තද රතු, තද කහ සහ
කලු වර්ණයන්ය. මෙ විචිත්‍ර වෛවර්ණ කලාව යොදා ගනිමින් නිපදවන භාන්ඩ අතර වත්සුනු පෙට්‍ටි,
ආභරන පෙට්‍ටි සේසත් හා මුරායුධ මිටි ද වනු ඇත. උඩැක්කි නම් බෙර වර්ගය අලංකාර
කිරීමටද මෙම ශිල්ප ක්‍රමය යොදා ගැනේ.
|
ලාක්ෂා ස්ටූලය |
|
ලාක්ෂා ආභරන පෙට්‍ටි |
වල අත් යන්ත්‍ර රෙදි විවීම
|
වල අත්යන්ත්‍ර බෑගය |
|
වල අත්යන්ත්‍ර බිත්ති සැරසිලි |
මෙහි පධාණතම අමු ද්‍රව්‍ය
වන්නේ කපු නූල්ය. තවමත් මෙම අත් යන්ත්‍රය භාවිතා කරමින් විවිධ ජ්‍යාමීතික හා සාම්ප්‍රදායික
මෝස්තර යෙදූ කපු රෙදි නිපදවන අතර ඒවා විවිධ ගෘහ කටයුතු සදහා යොදාගත හැකි වන සේ
අවශ්‍ය විශාලත්වයෙන් යුතුව සකස් කිරීම සදහා අත් යන්ත්‍රයේ සැකසුම වෙනස් කර ගැනීමට
ද වියන්නා සමත්ය. ඒ මගින් දොර රෙදි, ඇතිරිලි. කොට්‍ට උර, පුටු කොට්‍ට කවර මෙන්ම
මිලදී ගත් වහාම ප්‍රයෝජනයට ගත හැකි නිමි ඇදුම් ද නිපද වයි. මෙම අත් යන්ත්‍ර රෙදි පිළි නිමවන
විට අලංකර දේශීය මෝස්තර හා සිත් ඇදගන්නා වර්ණ යොදා තිබෙනු දැකිය හැක.
|
හණ බිත්ති සැරසිල්ල |
දුම්බර හණ භාන්ඩ
මෙහි යොදා ගැණෙන පධාන අමු ද්‍රව්‍ය වන්නේ ශාක කෙදි විෂේශයකි. ඒවා හණ නමින් හැදින්වෙන අතර බොහෝ විට දේශීය
වර්ණකාරක ගැල්වීමෙන් පාට කරගනු ලැබෙ. මෙහිදී වීශේෂයෙන්ම කෙරෙන්නේ පැදුරු හා කලාල
විවීමයි. “දුම්බර වියමන් කලාව“ එහි නියැලෙන්නන් වෙසෙන ප්‍රදේශය හෙවත් දුම්බර නිම්නයට
පමණක්ම සීමාවූවක්ම බැවින් එයට එම නම ලැබී ඇත. දුම්බර වියමන් කලාවට අනුව නිපදවන
භාන්ඩ අතර බිත්ති සැරසිලි, තිර, අත් පසුම්බි හා ලිපි අසුරනද ඇත. මෙම කලාවෙහිදී
යොදාගනු ලබන මෝස්තර හා සැලසුම්ද මහවැලි ගංගා නිම්නයක්වූ සුන්දර දුම්බර ප්‍රෙදේශයට
පමණක්ම උරුම වූ ඒවා බැවින් මෙ කලා කෘතීන් දේශීය හා විදේශීය ගැණුම්කරැවන්ගේ ඉතා ඉහල
පිළිගැනීමකට ලක්ව තිබෙනු දැකිය හැක.
බෙර
|
ගැට බෙරය හා දවුල |
දේශීය සංගීත අංශයේ භාවිතාවන බෙර වර්ග පහක් මෙහි නිපදවනු ලබයි. අප
දිවයිනේ සියළුම සංගීත භාන්ඩ අතරින් වඩාත්ම සිත් වශීකරවන සංගීත භාන්ඩය වී ඇත්තේ
බෙරයයි. ගැට බෙරය හා දවුල යන බෙර පොලවට සමාන්තරව තබාගෙන වාදනය කරන්නාවූ තද කුහරයක්
සහිත දෙපස මුහුණත් දෙක සමින් වැසූ නාලාකාර භාන්ඩ වන අතර තම්මැට්‍ටම බෙර දෙකක් එකට
බැදුනු එබදුම වූ භාන්ඩයකි. උඩැක්කි යනු ඉපැරණි පෑ තැටියක හැඩයට තනා ඇති ප්‍රමාණයෙන්
කුඩා බෙර වර්ගයකි. රබාන ලී රාමුවක පුළුල් මුහුණත සමකින් වසා තනා ගන්නා බෙර
වර්ගයකි. රාමුවෙහි පටු මුහුණත විවෘතව
පවතී. මෙම බෙර වර්ග පුරාණයේ සිට අද දක්වාම පන්සල්වල සහ සාම්ප්‍රදායික පෙරහැර
අවස්ථා ලදී වාදනය කරනු ලබයි.
විසිතුරු මැහුම් වර්ග
|
පුටු කොට්‍ට කවර |
ශ්‍රී ලංකාව තුල කොඩි සහ පතාක ජාතික වස්තූන් වශයෙන් හැදින්විය හැක.
එපමණක් නොව එය අතීතයෙන් ලද රසබර දායාදයකි. තාමත් කෝරල කොඩි බිත්ති සැරසිල්ලක්
වශයන්ද යොදාගනී. අද වන විට මෙම පැරණි කොඩි උපයෝගී කොටගෙන නව මැහුම් වැඩ කරනු දැකිය
හැක. පැච්‍වර්ක් සැරසිලි මැහුම් ආදිය කිරීමෙන් නව නිෂ්පාදන කර ඇත්තේ එම ශිල්පය ගුරු
කොටගනය. කෝරල කොඩි නැවත නිෂ්පාදනය කලාසේම ම්‍සෙ රෙදි, ඇතිරිලි, විවිධ බෑග් වර්ග,
මුදල් පසුම්බි, පුටු කොට්‍ට කවර, අත් පිස්නා ආදී වශයෙන් නව නිර්මාණයන් ඉදිරිපත් කර
ඇත්තේ මහත් අභිමානයෙනි. අතීතයේ සිට අද දක්වා සියලු නිමවුම් යනත්‍රානුසාරයෙන් නොව
අතින්ම කරනු ලබයි.
දැකුම් කාමරය (කුඩා වැඩ පොල)
කලා කෘතීන් හා අත්කම් භාන්ඩ දැක ගැනිමට හෝ මිලට ගැනීමට උඩරට කලා
සංගමය වෙත එන සංචාරකයනට ඉතා විරල ගණයේ අත්දැකීමක් ලැබිය හැකි අවස්ථාවක් මෙහි පවතී.
එනම් පිතතල භාන්ඩ, ලාක්ෂා භාන්ඩ, වල යන්ත්‍ර රෙදි විවීම, හණ විවීම සහ ලී වැඩ වැනි කර්මාන්ත
කිහපයක් යටතේ භාන්ඩ නිපදවන අයුරැ සියැසින්ම දැක බලාගත හැකි වීමයි. සුදුසු අයුරින්
සකස් කර ඇති ස්ථානයන්හි ඒ ඒ ශිල්පීන් වැඩෙහි නිරතවන ආකාරයද, ඒ සදහා ඔවුන් යොදා
ගන්නා සම්ප්‍රදායික ශිල්ප ක්‍රමද, සරල සම්ප්‍රදායික ආම්පන්න හා ආයුධ වර්ගද දකින
සංචාරකයා එහිදී විශ්මයට පත්වනු පෙනේ.
|
වල අත් යන්ත්‍ර රෙදි විවීම |
|
හණ විවීම |
|
පිත්තල බිත්ති සැරසිල්ලක් කැටයම්‍කිරීම |
|
ලාක්ෂා (නියපොතු) වැඩ කිරීම |
|
ලාක්ෂා පට්‍ටල් වැඩ කිරීම |
නිසි අවසරයක් නොමැතිව මෙහි ඇති කිසිවක් උපුටා ගැනීම හෝ ඵලකිරීම වරදකි.
ස්තූතිය . රසික සූරසේන මහතා සහ මාධව නාගහවත්ත මහතා.